Thursday, April 14, 2011

ප්‍රාණය

ඉකි බිදිනා 
නුඹේ 
ඔය
හද ගැස්ම
මට 
ජීවය 
ගෙන ලා වී
ඒ.....
රාවය 
මා හද
සනසා වී..
ඔබ මා 
ළග....
කියා  හැගෙනා
විට
නෑ 
මා 
බය
අම්මේ...
කිසි දෙයකට....
......


සත් මසක්, 
දිනයකුයි
නුඹ 
මා
දරා
විදි ඒ
දුක් වේදනා..


රුචි  අරුචියට
මා 
ඔබ ලොල් කරා
ඒ වුනත් 
නෑ
ඔබ මට 
හැග වූ යේ
කිසි දුක් වේදනාවක්
ඒ....
මා
ඔබේ ම නිසා වෙනිද?
අම්මේ....


ණය ගැති
මේ
සසර ඉමේ
ඔබ
මතු 
බුදු වන තුරා
ණය ගැතියි
මා
අම්මේ
       සදා...............................

සීබ්රා ......

     සීබ්රා 
     සුදු පාට 
     කළු ඉරි තියෙන
     පොරක් ද?


 කළු පාට
 සුදු ඉරි තියෙන
 පොරක් ද?
........................

කෙතරම් හොද කරත්,කළු තිත්!!!!!!

   අජීවී
පෑන්  ඉර
හැඩ   කර
අජීවයක්
    බදු
අකුරක්
    තනා
සජීවී වදන් පෙලක්
ගැලපුවද
පෑන් ඉර
සුමට
නැත    
තවම
සමාවෙයෙන් 
මට
එයට  !