Friday, October 5, 2012

                      අකුරු 
                             හතරකට 
                                        සීමා වූ

 වදන 
   කවදා මට 
     ගලපා 
        ඇයට
                                                                  දෙඩිය

                                                                      හැකිවේවි     
                                                                                     ද ?                                                   

නොවැටහීම

           නිමේෂයෙන්
                 නිමේෂය
   වළාවන්
      සේ
සී   සී කඩ
 යන ඔය
   ගැහැණු
සිත..................
කවදා....
මට
වැටහේවිද?


Tuesday, September 25, 2012

වෙන් වීම...............

යන එන
යනෙන
මේ
වේදිකාවේ
පදිකයා ද 
මම
 ?
මුන ගැසෙනා
 මුහුණු
විටක
සිනහ පෑ 
නො පෑ
අවසානයේ
     සමු දීමට,
සිදු වේවිය 
ඒ සිනහවට


Friday, June 8, 2012

ගෙබි ටෝක්

ළිද මගේ නම්

මා ළිදේ නම්

පැන්නෙත් මම නම්

ඇයි

කාටවත් වේදනා

.......


...


Monday, March 12, 2012

බොනිටෝ

වෙනදාට
fb යන කොට මා අසලට වී සිටි ඔබ,
දුරකථනය හඩනා විට උඩුබිරූ ඔබ,
ගෙදරට ආ විගස නැට්ට වන වනා ඇග දිගේ නටනා ඔබ,
හවසට මා සමග සෙල්ලම් කල ඔබ,
කදුලේ දී මෙන්ම දුකේදීද මා ලග සිට් ඹබ,
ගෙදර කාගේත් සුරතලා වූ ඹබ,
අද
ඒ සියල්ලටම මතකයක් පමනක්
ඉතුරු කර ,
මිනිස් ලොවේ උපදින්නට පින් ඇති නුබ,
මෙලොවින් සමු ලත්තේ
................................
...............................
නෙත් දෙකට තවත් කදුළු
බිදු දෙමින්ය.
බොනිටෝ! කවුරු මොනවා කිවුවත්, ඔයා මට මගේම සහෝදරයෙක් වුනා.
අද මට එයා නැති වුනා.